Weather report 2026.09.25 හෙට දිනයේ ශ්‍රී ලංකාවට බලපාන කාලගුණය ⛈️🌧️ #weather

31/10/2026 · SL WeatherHub 🇱🇰

Descrição

Hashtag:-📌• #Rain
• #RainyDay
• #HeavyRain
• #Storm
• #Thunderstorm
• #Monsoon
• #RainyMood#slweatherhub



2026 සැප්තැම්බර් මස 25 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2026 සැප්තැම්බර් මස 24 දින ප.ව. 2.00 ට නිකුත් කරන ලදී

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට මෙම පද්ධතියේ බලපෑම හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩුවේ යැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, දකුණු ,මධ්‍යම සහ වයඹ පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. ⛈️🌧️


නොමිලේ Data මෙන්න Free Data පැය 6ක් ගන්න ක්‍රමයක්.

1. Play Store එකට යන්න CliQ App එක Download කරන්න.
2. ඊට පස්සේ ඔයාගේ Hutch number එක දීලා Register වෙන්න.
3. App එකට ගියාම පස්සේ වම් පැත්තේ ඉරි කෑලි තුන දීලා invite Friends කියලා එකට යන්න. ඒකේ ඇති Redeem Invitation code කියලා එකක් ඒකට යන්න.
4. Invitation code කියලා තියන තැන මේ code එක ගහන්න 3xGYnl 👈

ඊට පස්සේ ok කරන්න පහලින් ඊතලයක් ඇති එක Click කරාම පහලින් වැටෙයි 6 hours free plan කියලා ඒක click කරලා buy කරන්න. ඔයාට පැය 6 free data unlimited හම්බ වෙනවා. ⚡



ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2026 සැප්තැම්බර් මස 24 දින ප.ව. 2.00 ට නිකුත් කරන ලදී

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ඉන්දියානු ගොඩබිම් කලාපයට ඇතුල්වී ඇත.

එහි බලපෑම හේතුවෙන් බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (70-80) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

එම නිසා උතුරු අක්ෂාංශ 10 ත් 22ත් සහ නැගෙනහිර දේශාංශ 82ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වනවිට එම ප්‍රදේශයේ ධිවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:
කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළඟ:
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි විය හැක. මීගමුව සිට බේරුවල හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. මීගමුව සිට බේරුවල හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 - 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. ⛈️🌧️

Palavra-chave: meteorologia zambézia

Tags: weather news today · weather news today Sri Lanka · weather report 2026.09.25 · අද කාලගුණය · කාලගුණය · SL WeatherHub